අතීතය මත……

සුදු අරලියා මල් යාය සිසාරා
අපේ මතක හදවත පාරයි
මලේ සුවද පොද හිතට දැනෙන විට
හිතේ කදුළු තවතව මෝරයි
අරලාය යායේ සුදු මල් විසිරුණු
පාර දිගේ ගිය හැටි දෙන්නා
මතක ලොවේ හිද හිතට එබෙන විට
ඇවිලෙන දුක් ගිනි ඉවසන්නා
ඔබට මතක නැති මට අමතක නැති
අපේ ආදරේ මල් උයනයි
ඔබට සිනාවකි මට දුක් කදුළකි
ජීවිතයට හිමි දුක විතරයි

This entry was posted in poems and tagged . Bookmark the permalink.

Leave a comment