ආදරයට හිමි……….?

මියැදෙන හදවත
හෙලන සුසුම් මැද
සිත රැදි නුඹෙ නම
අහසට නික්මෙන
නයන ගගුල මත
ගලන කදුළු ගග
සිත සිතුවම් කළ
නුඹෙ රුව වියකන………………
ලද පෙම නාමෙට
ලියැවෙන කවියක
විරහ කවක රැදි
මිහිර රැදෙනු නැත
ලද පෙම නාමෙන්
නැගුණද මදහස
සොදුරු විරහවේ
මිහිරි කදුළු ඇත…………………..
මේ ඉරහද යට
මේ මිහිතල මත
දහසක් පෙම් කව
ලියැවෙනු ඇත තව
කාලයෙ සුළගට
හසුවී වියැකෙන
කදුළු බිදුද හෙට
දිනයට උරුමය…………………….

Posted in ආදරේ මේ වගේ | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

ආදරේ ඇස් දෙකෙන්……… දුක වැටෙන්නට කලින්…………..

“මේ කළුවර රාත්‍රියේ
හද්ද අන්දකාරයේ
පහන් තරුවක් වී වත්
ජීවිතය පෙන්වන්නට
දෙන්න මට අවසර…………”
ආදරය…. යොවුන් වියේ අයට නම් මේ අකුරු හතර ඇහුණත් ඇති. ඒ වෙලාවට හිතෙන දේවල් ලියන්න පොතක් මදි.සිංහල හෝඩියේ අකුරු මදි. එච්චරටම රසවත් දේවල් තමා ඔවුන්ගේ සිත්වලට එන්නේ. ඒත් ඇත්තටම මොකද්ද මේ ආදරේ කියන්නෙ? පුංචි කාලෙ මට මතකයි අම්මටද තාත්තටද වැඩියෙන් ආදරේ කියලා ඇහුවොත් මං කියන්නෙ වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා.සමහර විට ඒ එතන තියෙන බැදීම වෙන්න ඇති.ගෑණු ළමයි වැඩිපුරම ආදරේ තාත්තටලු. පිරිමි ළමයි අම්මටලු වැඩියෙන්ම ආදරේ.ඇත්තද මන්දා. ඒත් අපේ ආච්චි අම්මා කිව්වෙ එහෙම. ඒක හරි ලස්සන ආදරයක්. වයසින් වැඩෙද්දි මං තව ආදරයක් දැක්කා. ඒ සිනමාවෙ ආදරේ. ඒවා හරිම විකාර දේවල් විදියට මං දැක්කෙ. කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලගෙන මල් ගස් වටේ දුවනවා කැරකෙනවා.එදා මං ඒක දැක්කෙ පිස්සුවක් විදියට. ඒත් මං දැන් දන්නවා ඒක මිනිස්සුන්ගෙ රසාස්වාදයට හදපු දෙයක් කියලා.

“හිතුවෙවත් නැති දවසක
හිතන් නැතුවම ලංවුණා
ජීවිතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා…..”

මගේ ජීවිතේ මං විදපු සංවේදීම ආදරේ තමයි මට අදටත් දරා ගන්න බැරි.දෙවියන් ආදරේ මැව්වා කියලා සමහරු කියනවා මං අහලා තියෙනවා.ඒත් ඒක එහෙම නෙවෙයි. ආදරේ උපදින්නෙ දෙවිවරු වගේ පහන් සිත් තියෙන අයගෙ හිත්වල. ඒ වගේ ආදරයක් ලැබිලා එකපාර නැතුව ගියාම හරියට ලස්සන සැණකෙළියක එකපාර ලයිට් ගියා වගේ. අර තියෙන සතුට පිබිදීම සිනහව අතුරුදහන් වෙලා යනවා. එහෙම ආදරයක් තමා මගෙයි මගේ ආදරණීය අප්පච්චිගෙයි අතර තිබුණෙ. එයා මගේ ජීවිතෙන් අපේ පවුලෙ අයගෙන් ආයෙ නොඑන්නම ඈතට ගියාම මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. ඒක සුනාමි ආවටත් වඩා දරුණු විදියට සිද්ධ වුණු දෙයක්. දුවෙක්ගෙ ජීවිතේ ඉරමඩල තාත්තා කියලා මං අහලා තියෙනවා.”අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී..” කියල කියන්නෙ ඒකනෙ. ඉර එළිය නැති වුණාම මල් පිපෙන්නෙ නෑ.කුරුල්ලො අහස් තලේ පියාඹන්නෙ නෑ. පිණි බිංදුවකට තත්පරයකට හරි දිලිසෙන්න බැහැ. කළුවරේ ඉදගෙන ලස්සන ජීවිතයකට හිමිකම් කියන්න කාටද පුළුවන්? මටත් වුණේ ඒකමයි. ඒත් මං පරාජය බාරගත්තෙ නැහැ.මගේ අප්පච්චි හැමදාම හීන මැව්වා.මං ලස්සන අනාගතයකට හිමිකම් කියාවි කියලා. මං ඒ හිනෙ සැබෑවක් කරනවා.මගේ ජීවිත පරිත්‍රාණය ඒක. මං මේ කියන්න යන්නෙ මගේ කතාව නෙවේ. ආදරේ ගැන. ආදරේ අන්න ඒ වගේ. අම්මා තාත්තගෙන් පවුල හරහා ලෝකයට යන උත්තරීතර බැදීමක් ආදරේ කියන්නෙ. මේ සමනල් කාලෙ හිත එහෙ මෙහෙ යනවා තමා. ඒත් ආදරේ කියන්නෙ ඉගෙන ගන්න එක පැත්තකට දාලා පෙම්වතා පෙම්වතිය එක්ක රවුම් ගහන එකවත් සති අන්තයෙ හෝටල් කාමර හොයාගෙන යන එකවත් නෙවේ. ආදරේට අපි ඊට වඩා තැනක් දෙන්න ඕනා.

“අවංක ආදරේ හදුනගන්න සලකුණක් දෙන්න දෙවියන්ට බැරි වුණා. ඒ හින්දා ලෝකෙ වංචාව කරන්න පුළුවන් හොදම දේ ආදරේ වුණා.”

මේ මං අහපු දෙයක්. ආදරේ අවංක වෙන්න නම් හිත අවංක වෙන්න ඕනා.සමනල් පිහාටුව හරිම ලස්සනයි. සියුමැලියි. ඒත් ඒ ලස්සන සියුමැලි බව ඒක ඇල්ලුව ගමන් නැතිවෙලා යනවා.යොවුන් වියේ ආදරේත් ඒ වගේ හරි ඉක්මනට බිදෙනවා.ඔය ලස්සන ජීවිතේ තේරුමක් නැති බොළද ආදරයක් පස්සෙ පන්නවන්න නැත්ව ජීවිත අහස එළිය කරන පහන් තාරකාවක් වෙන්න. ඒ ජීවිතේ ලස්සනයි. කවදාවත් උපන් බිමට බරක් වෙන්න එපා. ඒකයි මං දකින සැබෑ ආදරය…………

Posted in ආදරේ මේ වගේ | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

පරාජිත පෙම් කවිය…..

අතීතයේ එක් දිනයක උදෑසන
ආවා මතකයි මා ඔබ සොයාගෙන
ඉතිහාසය බැරි හින්දා උගන්නට
ටියුෂන් දුන්නෙ ඔබනේ හද තුටින් මට

සේපාලිකා මගෙ මිතුරිය නිරන්තරේ
ඔබෙ නම කියයි එනු වාගේ පවන් සැරේ
විහිළු කළේ මා හට හැම සැරින් සැරේ
“දෙන්නත් එක්ක යනවලු කන්කසන්තුරේ”

පන්තියෙ සැවොම ඔබෙ නම මට පටබැන්දා
ඒ හැම විටදි මා හද ගිගුරුම් දුන්නා
සතියක් දෙකක් යනවිට මා සිත නම්මා
ඔබ හට ආදරේ කෙරුවා තනියෙන් මා

පාඩම නොවේ සිත ඇදුණේ ඔබගෙ රුවයි
දක්ෂම සිසුවි මාඔබෙ පෙම් කුමරි තමයි
කිසිවක් නොදත් ඔබ තාමත් ඇදුරු තමයි
ප්‍රේමය කියා ගත නොහැකිව සිතද හඩයි

මිතුරිය සමග මගෙ පෙම් සිත ගැන කිව්වා
ඇය මා අදහන්න බැරි කෙල්ලක් බව කිව්වා
ඒ ඇයි කුමක් හින්දාදැයි මම ඇහුවා
කෙල්ලේ සර් මැරි කරලා ඇය කිව්වා

කුළුදුල් පෙම් සිතම පහළට ඇද වැටුණා
“සත්සර” ඔබේ නම මුමුණා මම හැඩුවා
දියණිය “පහන්වී” ඇයි දැයි ඔබ ඇසුවා
අහිමි වු හදට මාගේ කදුළැලි වැටුණා

පාසල් කාලෙ සමනල විය තමයි දුවේ
සිත යයි හැම තැනම ඒ නම් හැටියි සිතේ
ඉගෙනුම පිණිස මා අමතක කරන් දුවේ
පෙමිවතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ

කාලය ගෙවී ගොස් ඇත පෙරදා වාගේ
ඔබ දැන් බලයි දරු සුරතල් පියෙකු ලෙසේ
මා තවමත් එතැන ඉන්නෙමි දුකින් වගේ
සමාව දෙන්න හදගත් ගුරුපියනි මගේ

Posted in poems | Tagged | Leave a comment

අප්පච්චී…..

පුංචි කාලෙ මං නුඹගේ
අතැගිල්ලේ එල්ලීගෙන
ඇවිද ගියපු හැටි සිහිවී
දෙනෙත් තෙමෙනවා……
පොද වැස්සට තෙමුණ දාට
නපුරු උවන මවෙත හෙලා
බිය ගැන්වූ හැටි සිහිවී
සිත මැලවෙනවා……..
කාලය ගෙවිලා යද්දී
මං නුඹ ළග නැති මොහොතක
මටත් නොකිය යන්න ගියපු
හැටි සිහිවෙනවා…….
කොහොම උණත් අප්පච්චියෙ
නුඹ මං ළග නැති වුණාට
මං ගැන මැවු හැම සිහිනෙම
සැබෑ කරනවා
හෙට ලෝකය එළිය කරන
දරුවෙක් වෙනවා…………

Posted in poems | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

ඉංග්‍රීසි අකුරු 26 සිංහල කතාවක්……..

A කාලෙ නුවර එළිය පැත්තෙ විතරයි
Bට් රූට් වගා කරන්න පුළුවන්
Cමිත ඉඩම් ප්රකමාණයක් තිබුණෙ
Dසල් මිලත් අහසට
Eතලය විදිනවා වගේ ඉහලට නගින කොට
Fඅකුරු මොනව කරන්නද?
Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා
Hආර් ජෝතිපාල වගේ සින්දු කියන
Iයා කෙනෙක් වෙන්න කියලා
Jමිස් අයියට කියන්න ඕනෙ, එතකොට
Kසර සිංහයා වගේ ඉන්න පුළුවන් මේ ක්ෂේත්‍රයේ
Lලි ගෙන ඉන්නෙ නැතුව
Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා හරි කියලා ඉදිරියට
Nනට වාසනාව තියෙනවනම් ඒකත් ලොකු දෙයක්
Oගන් එක ගහන්නෙ නම්
Pටර් මල්ලි කියලා නැන්දා
Qවා දවසක්දා ඒ මල්ලි
Rය ශාක්‍ය මහේශාක්‍ය ලීලාවෙන්
Sලෝන් බටයකින් හදාපු
T 56කුත් අරගෙන යනකොට
Uරියා පොහොර දාලා
V වගා කරන ගමේ පොලීසියේ
W පීසී කෙනෙක්ගේ තාත්තා ඔය ළමයා
Xරේ එකක් ගත්තට අපිට
Yර කරන්න එපා කියලා කියනකොට
Zඅකුර බලාගෙන හිටියා.

Posted in short stories | Tagged | Leave a comment

අවකාශය තුළ…..

අනන්තයක් සොයන මිනිසුනි
කිසිවක් අනන්තයක් නැත
අවසානයක්ද නැත……..
සියල්ල යළි යළි
ඉපදේ නැවතත් මියැදේ
හිස් අවකාශයක ඔබ
කොපමණ ඇවිද ගියාද…..
ඔබට බොහෝ දේ
මුණ ගැසුණා මිස
සියල්ල හමු වූයේ නැත……
ඔබ අවසානයේ නැවතුණා නොව
ඔබ ගිමන් නිව්වා පමණකි
අප සොයනුයේ අපට
නොලැබුනු දේ පමණකි…….
එහෙත් අපට ලැබුණු දේ ගැන
සොයා බැලුවාද මොහොතකට හෝ

Posted in poems | Tagged | Leave a comment

සමුගන්න අවසරද……

කියන දේ නාහන මගේ හදවත
ඉගිලිලා දුර ඈත යනකොට
ආදරෙන් මා ළග තියාගෙන
ජීවිතේ හැටි කියා දෙනවද…..?
පුංචි දේටත් කදුළු එනකොට
ආදරෙන් මා තුරුළු කරගෙන
ගයන දුක් ගී යාතිකාවන්
නිහඩ වී නුඹ සවන් දෙනවද…..?
මං නුඹෙම වුවද
නුඹ ගියොත් දුර ඈත
මගේ හදවත් කුසුම නුඹ ගෙන
ජීවිතෙන් සමුගන්න දෙනවද…..?

Posted in poems | Tagged | Leave a comment