බලාපොරොත්තුව නුඹ ‍………..

නව යොවුන් වියේ පසුවන
යෙහෙලියන් තිදෙනෙකි
දිනිතියගේ උදාවත් සමගම
පසුවෙයි දුරක යන අදහසින්……………
බලා වටපිට යොමා දෙනුවන්
නැග ගතිමි අත පා ප්‍රයිවෙට් බසයක
ගී මිහිර මැද නොනවතින ගමනක
අවසානය දුටිමි උසාවිය අසල මග
එදෙස බලමින් මෙදෙස බලමින්
සොයන්නේ කවරෙකුද මෙලෙසින්
එයට පිළිතුරු ලැබෙන විලසින්
නැවති බසයක දෙනෙත තබමින්………….
හදවත් සසැලෙයි පෙර නොවූ අයුරින්
එනමුදු සිත තුළ වැජඹෙයි පැනයන්
වෙලාව දහයයි තිහ වී තිබුණද
නැත අපහට පිළිතුරු ලැබුණේ
ඇයගේ හදවත නිරතුරු හඩවා
එලෙසින් අප හැම සමුගත්තේ……………
එනමුත් අපගේ බලාපොරොත්තුව
තවමත් එලෙසම පවතින්නේ
විගසින් පැනයට පිලිතුරු දෙන බව
ඇයි ඔබ අපහට නොකියන්නේ
දුක් වින්දා ඇති බලාපොරොත්තුව
නුඹ අපහට මිතුරෙක් වීයන්
අප සිත කළඹන හැම පැනයකටම
විගසින් පිළිතුරු ලැබ දීයන්…………..

This entry was posted in poems and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a comment